අද සිට විදුලිය කපන්නේ මෙහෙමයි
අද සිට දෛනිකව පැය කිහිපයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව උදෑසන 8.30 ත් 11.30ත්, 11.30ත් 2.30ත්, 2.30ත් 5.30ත් අතර පැය 3ක කාලයක් සහ සවස 6.30ත් 7.30ත්, 7.30ත් 8.30ත්, 8.30ත් 9.30 ත් අතර පැයක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.
ග්‍රීඩ් උපපොළවල් 50කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක අතර එම උපපොළවල් මට්ටමින් අදාළ කාල සීමාවන් තුළ විදුලි සැපයුම කප්පාදු කරන බව විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළ අතරපවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ දෛනික වායු සමීකරණ භාවිතය සීමා කරන්නැයි ලංකා විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.