කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට රාත්‍රී 09 සිට පැය 09ක් ජල සැපයුම අත්හිටුවයි
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට අද (26) රාත්‍රී 9 සිට පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ඔවුන් සඳහන් කරන අතර ඊට අමතරව කොළඹ – කොටුව සහ පිටකොටුව යන ප්‍රදේශවලට මෙම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවද සඳහන් කළේය.