සතොස සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ ගාමිණි රත්නසිරිට එරෙහිව අධි චෝදනා ගොනු කරන ලෙස නියෝග
ලංකා සතොස සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ ගාමිණි රත්නසිරි පෙරේරා මහතාට එරෙහිව අධි චෝදනා ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (26)දින නියෝග කර ඇත.
මහේස්ත්‍රාත්වරයා කොළඹ වංචා විමර්ශන අංශයට නියෝග කර ඇත්තේ පොදු දේපළ පනත යටතේ ඔහු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගන්නා ලෙසටය.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධියක් ඇති බවට ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කර ගාමිණි රත්නසිරි මහතා එම තනතුරට පත්ව තිබීම මීට හේතුව වන අතර ඔහුට අදාළ වැටුප් ගෙවා ඇත්තේ රජයෙන් බැවින් පොදු දේපළ පනත යටතේ නඩු පැවරිය යුතු බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ය.
සැකකරු සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ අවසන් වාර්තාව මැයි 28 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට දැනුම් දී ඇත.