අයවැය තෙවනවර ඡන්ද විමසිමට ප්රථම 2018 වසරේ මහබැංකු වාර්තාව ලබා ගත යුතු බව කථානායක කියයි
අයවැය තුන්වැනිවර ඡන්ද විමසිමට ප්රථම 2018 වසරේ මහබැංකු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙස මහබැංකු අධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන බව කථානායක කරැජයසුරිය මහතා සඳහන් කරයි.
ඊයේ (26) දින පාර්ලිමේන්තුවේදී බන්දුල ගුණවර්ධන මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව සඳහන් කළ. අතර පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් වීමට ප්රථම මහබැංකු වාර්තාව ලබාදීමට හැකියාව ඇත්නම් අයවැය විවාදයේදි භාවිතයට ගත හැකි බවද මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.