අග්‍රාමාත්‍යවරයා ජනපතිවරණයට ඉදිරිපත්වනවා නම් ඔහුව ජයග්‍රහණය කිරීමට කටයුතු කරනවා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තමා කිසිවිටකත් එකඟ නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
ඊයේ(26) කැළණිය ප්‍රදේශයේ පැවතිඋත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.
ජාතික ආණ්ඩුවක් සෑදිය හැකි වුවත් පෙර පරිදි එකතු වීමේ බලාපොරොත්තුවක් නොමැති බව කියා සිටි මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පැවති දීගය අතහැර දැන් දික්කසාද වී ඇති බවත් දවල් වැටුණ වලේ-රෑ වැටීමට කිසිසේත්ම සුදානමක් නොමැති බවත් සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායකයා නිසකයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවත් එජාපයේ නායකත්වයට සුදුසු නම් නිසැකයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බව ද පැවසු මන්ත්‍රීවරයා එවැන්නක් සිදු වුවහොත් ඔහු ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.