පැය 24ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
හදිසි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා උදෑසන 9 සිට පැය 24 ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට බව ඔවුන් දන්වයි.
එමෙන්ම කොටිකාවත්ත, මුල්ලේරියාව, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස ප්‍රදේශවලට ද අදාළ කාල සීමාවේ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.