නදීමාල් සමඟ පිටුවහල් කළ ලලිත් කුමාර CID ප්‍රශ්නකිරීමෙන් අනතුරුව CCD භාරයට
නදිමාල් පෙරේරා සමඟ පිටුවහල් කළ හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ප්‍රශ්නකිරීම් වලින් පසුව ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) වෙත භාරදීමටත් පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේය.
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට පත් බන්ධනාගාර නියාමක ලලිත් කුමාර මාකඳුරේ මධුෂ් සමග සමීප සබඳා පවත්වා ඇති බව හෙළි වී ඇත.