රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු භාර වෙයි
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඊයේ (27) නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වී ඇත.
ඒ අනුව මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් 15 දෙනෙකු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටින අතර ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීඔවුන් ලබන මස 08 වැනිදා දක්වා යළි රක්ෂිතබන්ධගාරගත කර ඇත.