බැදුම්කර වංචාවේ චෝදනා වලින් බේරෙන්න එජාපය ජාතික ආණ්ඩු හදන්න යනවා
මහ බැංකු බැදුම්කර වංචාවේ චෝදනාවලින් නිදහස් වීම සඳහා එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සමඟ යලිත් වරක් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සූදානමින් සිටින බව මහින්දානන්ද අලුත්ගමගේ කියයි.
ඊයේ (27) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා මෙම අදහස් පල කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවසුවේ LNG විදුලි බලාගාර ටෙන්ඩරය චීනයට ලබාදීමට හොර රහසේම කටයුතු කිරීම , විදුලි උත්පාදනය සදහා ගෙන්වූ විදුලි ජනන යන්ත්‍ර 48 ක් භාවිතයට නොගෙන හැර දැමීම ඇතුළු වංචනික කටයුතු රැසකින් ආණ්ඩුව රටට දැවැන්ත පාඩුවක් සිදු කර ඇති බවය.