ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
අගමැතිවරයා වෙත ඊට අදාළ ලිපිය යොමු කරමින් ඔහු පවසන්නේ ඊයේ පාර්ලිමේන්තුවේදී වැය ශීර්ෂ කිහිපයක් පරාජයට පත් වීමේ වගකීම තමන් භාර ගන්නා බවත් වැය ශීර්ෂ පරාජය වීමෙන් වගකීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකවරු දෙදෙනා හා ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායකවරු තිදෙනා යන සියලු දෙනාට පැවරෙන බව ඔහු අගමැතිවරයාට යොමු කළ ලිපියේ දැක්වෙයි.
ඔහු එම ලිපියෙන් පෙන්වා දෙන්නේ නොසැලකිලිමත්තම, අපරික්ෂාකාරීකම සහ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳ අතිශයින් කම්පාවට පත් වන බව වන අතර වැය ශීර්ෂ පරාජයෙන් අපහසුතාවට පත් වූ වජිර අබේවර්ධන හා චම්පික රණවක මහත්වරුන්ට කණගාටුව පළ කරන බව ආශු මාරසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාට ලියූ ලිපියෙන් සඳහන් කර ඇත.