යතුරුපැදි දෙකක් ගැටී පුද්ගලයින් තිදෙනෙකු මරුට
මඩකලපුව, එරාවුර් – වන්දාරුමුල්ල ප්රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටී පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එම අනතුරෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළ අතර යතුරුපැදි දෙක එකිනෙක ගැටීමත් සමඟ ගින්නක් ද හටගෙන ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ 21, 22 සහ 26 යන වයස්වල පසුවන තරුණයන් තිදෙනෙකි.