News

විදුලිබල ඇමැතිවරයා මිළඟ ආත්මේ බකමූණේක් වෙනවා – රෝහිත

පසුගිය දා පාර්ලිමෙන්තුවේදී වැය ශීර්ෂය පරාජයට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළෙහි ඇති ශක්තිය පෙන්වීමට බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පවසන විට අගමැතිවරයා එය විපක්ෂය මත පටවන්න උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

කොළඹ අද(01) පැවති මාධ්‍ය හමුවකට එක්මෙන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කර සිටියේ මේ වෙද්දි විදුලි කප්පාදුවක් වෙනවා. දවල්ට පැය තුනයි. රෑට පැයයි. රමේ මිනිස්සු කලුවරේ. වතුර නැහැ. කොළඹ නගරයේ මහල් නිවාසවල ඉන්න අයට වතුර නැති වුනාම ඉතාම අපහසුතාවයට පත්වෙනවා.

රජයට හෝ මැතිඇමැතිවරුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙන අවස්ථාවල මෙවැන්නක් වෙනවා නම් ඊට විසදුම් දෙනවා. ඊළග ආත්මයේ විදුලි බල ඇමැතිවරයා කොහොම ඉදියිද දන්නේ නැහැ. බකමූණාට දවල්ට පේන්නේ නැත්තේ ගිය ආත්මේ කරපු පෙර කරුමෙකට. මේ රටේ විදුලිබල ඇමැතිවරයා මිළඟ ආත්මේ බකමූනෙක් වෙනවා යනුවෙනි.