මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම හෙට
මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම හෙට සිදුකිරීමට නියමිතව ඇත.
එහි ප්‍රධාන උත්සවය හෙට (03) උදෑසන 8.15ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වෙන අතර ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ද එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
හෙට පෙරවරු 8.30 සිට 8.34 දක්වා රාජ්‍ය සේවකයින් සහ පොදු මහජනතාව බක් මහ දිවුරුමට එක් කර ගනු ලබන බව සඳහන් කරයි.