News

වෙල්ගමගේ නඩුව මැයි 04 වනදා දක්වා කල්යයි

ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව මැයි මස 04 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇති බව වාර්තා වෙයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ මෙම නඩුව අද (02) කැඳවනු ලැබූ අතර එහිදී අල්ලස් කොමිසම අධිකරණය ඉල්ලා සිටියේ මෙහි විත්තිකරුට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසය.

ඒ අනුව එම නඩුව මැයි මස 4 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින සංශෝධන පැමිණිල්ලක් විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කරන මෙන් අල්ලස් කොමිසමට නියම කළේය.