“සොත්ති උපාලි”ගේ පුතා ප්‍රසන්න හෙරොයින් සමග අත්අඩංගුවට
මිය ගිය ප්‍රකට පාතාල නායකයෙක් වන “සොත්ති උපාලි” නැමැත්තාගේ පුත්‍රයා හෙරොයින් කිලෝ 2 යි ග්‍රෑම් 549 ක් හා ගිනි අවියක් සමඟ කොළඹ දිසා දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (02) උදෑසන 10.15ට පමණ මොරටුමුල්ල පොලිස් වසමේ තුඩුවාමුල්ල, කටුබැද්ද ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇත.
නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාවගේ අධීක්ෂණය යටතේ කොළඹ දිසා දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කර විදේශීය රටක නිෂ්පාදිත රිපීටර් ගිනි අවියක් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 41 ක් වු රාවතාවත්ත, මොරටුව යන ලිපිනයේ පදිංචි අරඹවෙලගේ දොන් ලක්ෂිත ප්‍රසන්න නැමති අයෙකි.
සැකකරු හෙට(03)මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.