දිමුත්ට අමෙරිකානු ඩොලර් 7500ක දඩයක්
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ කළේ යැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට දඩ පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ කිරීම හේතුවෙන් අමෙරිකානු ඩොලර් 7500ක දැවැන්ත දඩ මුදලක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය ඉරිදා (31) පැවති උත්සවයකින් අනතුරුව සිය නිවස වෙත යමින් සිටියදී දිමුත් මෙම අනතුරට ලක් වු අතර ඔහුව පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණි.
මෙම අනතුර පිළිබඳව දිමුත් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සියලු දෙනාගෙන් සමාව ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිමුත්ගේ ක්‍රීඩක චර්යා ධර්ම ගිවිසුමට අනුව සිදු කළ පරීක්ෂණයකට පසු මෙලෙස ඔහුට දඩ මුදල නියම කළ බවය.