නාමල්ගේ නඩුව අයවැය විවාදය හේතුවෙන් ජුලි 7ට කල්යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විභාගය ජුලි මස 07 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කර ඇති බව වාර්තා වෙයි.
අද(03) එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නාමල්රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බැවින් ඔහුට අයවැය විවාදයට සහභාගි වීමට ඇති හෙයින් අද දින විභාගය කල් දමන ලෙස ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය ජුලි 07 වනදා දක්වා කල් දමා ඇත.
එදිනට සාක්ෂිකරුවන්ටද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝගකර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇති බව වාර්තා වෙයි.