ඒ.එස්.පීලා දෙසීයකට වාහන ප්‍රශ්න
සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලද නිලධාරීන් දෙසීයකට පමණ තනතුරට හිමි නිල වාහන නොලැබීම නිසා රාජකාරි කරගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි අනාවරණය වේ.
බොහෝ නිලධාරීන්ට පොලිස් ස්ථානවල අබලන් ජීප් රථ හා වාහන ලැබී ඇතත් රාජකාරි සඳහා යෑමට අවශ්‍ය වූ විට එම වාහන දෝෂවලට ලක්වීම නිසා පෞද්ගලිකව වාහන ලබාගැනීමට එම නිලධාරීන්ට සිදුවී ඇතැයි උසස් නිලධාරියෙක් සති අග අරුණට අනාවරණය කළේය.
රාජකාරි වශයෙන් උසස්වීම් ලද විට යුද හමුදා නිලධාරීන්ට ලබාදෙන අයුරින් කුලී පදනම මත පෞද්ගලික වාහන ලබාගැනීමට ක්‍රමවේදයක් සම්බන්ධව සාකච්ඡා කර ඇතත් එය තවම ක්‍රියාත්මක වී නොමැති බවද එම නිලධාරියා සඳහන් කළේය.
2016 වසරේ සිට උසස්වීම් ලද සහකාර පොලිස් අධිකාරීවරුන් මෙම ප්‍රශ්නයට මුහුණ දී ඇත.
ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථාන තිහකට එකම වාහනයක්වත් නොමැති බවද අනාවරණය වී ඇති බැවින් වහාම ඒ සඳහා මිල ගණන් කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගන්නා බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා