News

සා.පෙළ අසමත් වූවන්ගෙන් මුල්තැන කොළඹට

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කලාප අනූනවයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව සියලුම විෂයයන් අසමත් වැඩිම සිසුන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹින්ය.

කොළඹ අධ්‍යාපන කලාපයෙන් සියලු විෂයයන් අසමත් 285 දෙනකු වාර්තා වන අතර මීගමුව අධ්‍යාපන කලාපයෙන් 215ක්ද, කළුතරින් 192ක්ද, කැලණියෙන් 145ක්ද, ගම්පහින් 162ක්ද, රත්නපුරෙන් 117ක්ද සියලුම විෂයයන් අසමත්ව ඇත.

අධ්‍යාපන කලාප අනූනවයෙන් විෂයන් 6කට වැඩි සංඛ්‍යාවක් අසමත් සිසුන් 5917ක් වාර්තා වී ඇත.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් අතරින් ගත වූ වසර හතෙන් ප්‍රතිශතයක් ලෙස විෂයන් සියල්ලම අසමත් සිසුන් අඩුම සංඛ්‍යාව වාර්තා වන්නේ මෙවරය. එය සියයට දෙකක් ලෙසය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා