News

අලූත් අවුරුද්දට පෙර විදුලි අර්බුදයට විසදුම්

රට තුළ පවතින විදුලි අර්බුදය සිංහල ,දෙමළ අලූත් අවුරුද්දට පෙර විසදීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊට අදාළ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින බව එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඒ අනුව ගිවිසුම් අවසන් වූ බලාගාර දෙකක් වන සපුගස්කන්ද ඒෂියා පවර්ස් සහ මාතර ඒ.එස්. යන බලාගාර දෙකෙන් විදුලිය ලබා ගැනීම සදහා වූ ගිවිසුම් මේ වනවිටත් අත්සන් කර ඇති අතර, ඉන් විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් පවතින බව ඔහුසදහන් කළේය.

තවත් මෙගාවොට් 100 ක ධාරිතාවයක් පද්ධතියට එකතු කිරීම සදහා ආයතන 3 ක් සමග සම්බන්ධ වීමට ද කටයුතු කිරීමට නියමිතව ඇති අතර එම සියලූම පෞද්ගලික විදුලි බලාගාරවලින් ලබා ගන්නා විදුලි ඒකකයක් සදහා රුපියල් 28 ත් 30 ත් අතර මුදලක්, වැය වුවද, ඒ හේතුවෙන් විදුලි බිලෙහි වැඩිවීමක් සිදුනොවන බව අමාත්‍යාංශය සදහන් කරයි.