බෙලිඅත්ත දුම්රිය මාර්ගය හම්බන්තොටටත් 2025වන විට කතරගම දක්වාත් දීර්ඝ කරනවා
ශ්‍රී ලංකා දුම්රිය ගමනාගමන පද්ධතියට මෙතෙක් අයත්ව තිබූ 1542 km ට මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ග පද්ධතිය විවෘත කිරීමත් සමඟ හෙට සිට කිලෝමීටර් 26ක් එක්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කරයි.
මාතර , බෙලිඅත්ත දුම්රිය මාර්ග පද්ධතිය තුළ දුම්රිය ස්ථාන 04, උපදුම්රිය ස්ථාන 02ක් තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය තුළ නිර්මාණය වි තිබෙන දිගම උමං මාර්ගය, දිගම, උසම පාලම මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ග පද්ධතිය තුළ තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම බෙලිඅත්ත දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කර 2025වන විට කතරගම දක්වා දීර්ඝ කරන බව ඔහු ප්‍රකාශ කළේය.