රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට පහරදීමක්
බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක අංශ නිලධාරීන්ට එහි සේවකයින් පිරිස් පහර දී ඇති බවට වාර්තා වේ.
රජයේ මුද්‍රණාලයාධිපතිනියගේ නියෝගයක් අනුව බීමත් පුද්ගලයින් මුද්‍රණාල පරිශ්‍රයට ඇතුළත් කර නොගැනීම හේතුවෙන් ඇති වූ ගැටලුවක් මත මෙම පහර දීම සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ.
පහරදීම හේතුවෙන් ආරක්ෂක අංශ නිලධාරීන් සිය රාජකාරි කටයුතු වලින් ඉවත්ව ඇති බව තිබේ.