ආවා කල්ලිය යාපනය මානිප්පායි නිවාස තුනකට පහරදෙයි
යාපනය, මානිප්පායි ප්‍රදේශයේ නිවාස තුනකට ඊයේ(10) සවස ආවා කල්ලිය විසින් පහරදී නිවාසවල භාණ්ඩවලට හානි සිදුකොට නිවැසියන් වෙත තර්ජනය කොට පළාගොස් ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ යතුරුපැදිවලින් පැමිණි නම දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යාපනය මානිප්පායි හින්දු විද්‍යාල මාවතේ පිහිටි නිවාස දෙකකට හා මානිප්පායි නගරයේ නිවසක් වෙත එලෙස පහරදීම් සිදුකොට ඇති බවයි.
අදාළ පහරදීම් හේතුවෙන් නිවාසවල ජනෙල් කැඩී ගොස් ඇති අතර, නිවාසවල පැවති භාණ්ඩ කිහිපයකටද හානි සිදුව ඇති බවද ආරක්ෂක අංශ පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මානිප්පායි පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසූවේ මානිප්පායි ප්‍රදේශයේ නිවාස තුනක් වෙත පහරදීමේ සිද්ධියක් වාර්තාවන අතර,පහරදීම කවුරුන් සිදුකළේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.
යාපනය,මානිප්පායි,කෝපායි,චුන්නාකම් හා යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් ආවා කල්ලිය පසුගිය සමයේ පහරදීම් රැසක් සිදුකොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති.
වවුනියාව – මාධව කුලසූරිය