News

කොළොන්නාව නගර සභාවේදී අයිස් හා ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

කොළොන්නාව නගර සභාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සිදු කළ වැටලීමකදියි මෙම අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4 ක් සහ කේරළ ගංජා කිලෝ 03 ක් කොළොන්නාව නගර සභාව තුළ තිබී සොයා ගෙන ඇති අතර වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවෙකු පොලිසියෙන් මිදී පළා ගොස් ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ නගර සභාවේ සේවකයන් දෙදෙනෙකු බව පොලිසිය සදහන් කරයි.