කොල්ලුපිටියේදී සිදුවුමට ගිය විශාල දුම්රිය අනතුරක් පුද්ගලයෙකු නිසා බේරෙයි
අද උදෑසන 11.30ට පමණ කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක් එය ගමන් ගත් දුම්රිය පීල්ල කැඩී ගොස් ඇති හෙයින් බම්බලපිටිය හා කොල්ලුපිටිය අතර නවත්වා ඇත.
දුම්රිය මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු දුම්රිය පිල්ල කැඩී ඇති බව දැක ඇති අතර ඉදිරියට ගමන් ගත් දුම්රිය නිලධාරීන් දැනුවත් කර මඟ නතර කිරීමට කටයුතු කර ඇති බවට වාර්තා වෙයි. එම නිසා සිදුවීමට ගිය අනතුරක් වලක්වාගැනීමට හැකිවී ඇත.