බ්ම්බෝම්බයක් පත්තු වි දෙදෙනෙකුට තුවාල
යාපනය, මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු බිම්බෝම්බයක් පිපිරීමෙන් ඊයේ(17) සවස තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ බව පලෙයි පොලීසිය පවසයි.
පොලිසිය පැවසූවේ උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ හෙලෝ ට්‍රස්ට් සංවිධානයේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකු එලෙස තුවාල ලබා ඇති බවයි.
තුවාල ලබා ඇත්තේ යාපනය අරියාලෙයිහි පදිංචි එම්.මේනලතා නමැති 25 හැවිරිදි එක්දරු මවක් හා කිලිනොච්චිය පරන්තන්හි පදිංචි ජේ.මේනකා නැමති 26 හැවිරිදි කාන්තාවකි.
අදාළ කාන්තාවන් බිම්බෝම්බ සෙවීම සඳහා කැණීම් කටයුතු සිදු කරමින් සිටි අතරතුර පොළොව යට සැගවී තිබූ බිම්බෝම්බයක් හදිසියේම පුපුරා යාමෙන් ඔවුන් දෙදෙනාම තුවාල ලබා තිබේ.
පොලිසිය පැවසූවේ තුවාල ලැබු කාන්තාවන් දෙදෙනාගේ තත්වය බරපතල නොවන බවයි.
මාධව කුලසූරිය