පාර්ලිමේන්තුව හදිසියේ කැඳවයි April 21, 2019 2:26 pm No Comments පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් 23 වන අඟහරුවාදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව කථානායක කාර්යාලය සඳහන් කරයි. මිට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.