News

කටුනායක ගුවන්තොටුපොළට පිවිසෙන මාර්ගයක තිබී බෝම්බයක් නිෂ්ක්‍රීය කෙරේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ආඩිඅම්බලම මාර්ගයේ තිබී බෝම්බයක් නිෂ්ක්‍රීය කර තිබේ.

ඊයේ (21) රාත්‍රීයේ මෙම පුපුරණ උපකරණය නිෂ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මාර්ගය ආසන්නයේ තිබූ සැක කටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය සොයා ගත් බව ය.

මෙය මෙරට නිෂ්පාදිත බෝම්බයක් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ වන විට ගුවන්තොටුපොළ හා ඒ අවට ආරක්ෂාව තවදුරටත් දැඩි කර තිබේ.