කොළඹ සිදුවූ පිපිරීම්වලින් විදේශිකයන් 36 දෙනෙකු මියයයි
කොළඹ සිදුවූ පිපිරීම්වලින් විදේශිකයන් 36 දෙනෙකු මිය ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
විදේශිකයන් 11 දෙනෙකුගේ මෘත දේහ කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළ අතර ඉන්දියානුවන් 3 දෙනෙකු, එක්සත් රාජධානියට අයත් සාමාජිකයන් 3 දෙනෙකු, තුර්කි ජාතිකයන් දෙදෙනෙකු, ඇමරිකානුවන් දෙදෙනෙකු සහ පෘතුගාල ජාතිකයෙකු මෙම පිරිසට අයත්ය.
තවත් 19 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හඳුනා නොගත් විදේශිකයන් 25 දෙනෙකුගේ මළ සිරුරු තිබෙන බව ඔවුන් නිවේදනය කළේය. ඊට අමතරව තවත් විදේශිකයන් 9 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.