News

මරණ පරීක්ෂණ කටයුතු කඩිනම් කරනමෙන් මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලයි

වහාම අදාල රෝහල් වෙත ගොස් හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඉල්ලයි.

ඊයේ දිනයේ සිදුවූ පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ හදිසි මරණ පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහා අදාල රෝහල් වෙත ගොස් මරණ පරීක්ෂණ කටයුතු සිදු කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඉල්ලයි.

ඊයේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ දේහයන් කඩිනමින් ඥාතීන් වෙත භාරදීම සඳහා කටයුතු කළ යුතුව තිබේ. එබැවින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු තැම්පත් කර ඇති රෝහල් වෙත ගොස් අදාල පරීක්ෂණ කටයුතු සිදු කර දෙන ලෙස අමාත්‍යාංශය අදාල හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටීයි.