ඉදිරියේ සිදුවිය හැකි ප්‍රහාරයක් ගැන අනතුරු අඟවයි
ඉදිරි දිනවලදී දිවයිනේ සියලූම පොලිස් බල ප්‍රදේශවල තිබෙන වාහන ගාල් කරන ස්ථාන, රෝහල් ආශ්‍රිතව, වාහන නැවතුම්පලවල හා ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් යම් පිපිරවීමක් සිදුකර ජීවිත හා දේපල හානි සිදුකිරීමට ඉඩ ඇති බවට පොලිසිය දන්වා සිටියි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ, විශේෂ මෙහෙයුම් මැදිරිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලූම පොලිස් කොට්ඨාශ භාර නිලධාරීන් වෙත දැනුම් දී සිට ඇත්තේ මෙවැනි සිදුවීම් වලක්වා ගැනීමට අදාළ කටයුතු සිදුකරන ලෙසය.