News

වැල්ලවත්තේදී සැකකටයුතු යතුරු පැදියක් ආරක්ෂක අංශ විසින් පුපුරුවා හැරේ

වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව ආසන්නයේ නවතා තිබූ සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කිරීමට පියවර ගත් බව පොලිසිය සඳහන් කරයි.

එම යතුරු පැදියේ ආසනය විවෘත කිරීම සඳහා ආරක්ෂක අංශ මගින් කිසියම් පිපිරීමක් සිදු කළ බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.