News

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ සිදුකළ වැටලීම්වලින් 16 දෙනෙකු අත්අඩංගුවට

පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඊයේ පස්වරුවේ සහ රාත්‍රියේ සිදුකළ වැටලීම්වලින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

තිරප්පනෙන් පුද්ගලයන් හතරදෙනෙකු රක්වානෙන් තුන්දෙනෙකු වවුනතිව් සහ මීගලෑව ප්‍රදේශවලින් දෙදෙනෙකු බැගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

එමෙන්ම බණ්ඩාරගම, බලංගොඩ, මාතලේ, තෙල්දෙණිය, වත්තල ප්‍රදේශවලින් එක් අයෙකු බැගින් අත්අඩංගුවට ගෙන ඇති බව වර්තා වන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ බණ්ඩාරගමින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහකාර රථවාහන පරීක්ෂකවරයකෙු ලෙස සේවය කරන අයෙකු බවය.