News

සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන්න

සමස්ත මුස්ලිම් ජනතාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියළු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

අද (26) උදෑසන මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කිරීම සැමගේ වගකීමක් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී කියා සිටියේය.

මත්ද්‍රව්‍ය වලට එරෙහි සටන සහ ත්‍රස්තවාදය අතර සම්බන්ධතාව අප අමතක නොකළ යුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.