News

බෝම්බ පිපිරීමේ සිදුවීම්වලට සම්බන්ධ හය දෙනෙකු කිලිනොච්චියෙන් අත්අඩංගුවට

බෝම්බ පිපිරීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් හය දෙනෙකු ඊයේ (25) සවස කිලිනොචිචිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ යුධ හමුදා නිළධාරීන් වෙත ලද තොරතුරු මත කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේදී පුද්ගලයින් සිව්දෙනෙකු, කිලිනොච්චිය ලුම්බිණි විහාරය ආසන්න අතුරු මාර්ගයේ සිටි පුද්ගලයෙකු හා කිලිනොච්චිය කනකඅම්බිගෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ව්‍යාපාරිකයින් ලෙස පැමිණි පුද්ගලයින් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය