කොම්පඤ්ඤවීදියෙන් සොයාගත් කඩු 46 සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ මන්ත්රීවරයෙකු අත්අඩංගුවට
කොම්පඤ්ඤවීදිය ප්රදේශයේ දේවස්ථානයක තිබී කඩු 46ක් සොයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රී නූර්දීන් මොහොමඩ් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඊයේ (26) කළ සෝදිසි මෙහෙයුමකදී කොම්පඤ්ඤවීදිය ප්රදේශයේ දේවස්ථානයක තිබියදී කඩු 46 ක්, කිනිසි 15 ක් සහ යුද හමුදා නිල ඇඳුම් 25 ක් පොලීසිය භාරයට ගත්තේ ය.