News

පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවයි

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වෙයි.

පාස්කු ඉරිදා (21) දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයක් ක්‍රියාත්මක බැවින් මෙලස පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීමට හේතු වී ඇති බව වාර්තා වේ.

මේ අතර වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපි අද(29) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ලබාදී තිබේ.