News

‘ෆොනී’ නිසා දිවයිනට ලබන 3 වැනිදා දක්වා තද වැසි සමග සුළං

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින ‘ෆොනී’චණ්ඩ සුළි කුණාටු පද්ධතියේ බලපෑම හේතුවෙන් ලබන 3 වන දා දක්වා දිවයිනේ වැසි තත්ත්වයේ හා සුළං තත්ත්වයේ වැඩීවිමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර, වයඹ, ඌව පළාත්වල හා මන්නාරම හා අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.

දිවයිනේ සෙසු පළාත්වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.