News

ගාල්ල මාපලගම හිමි නමක් ඝාතනය කෙරේ

ගාල්ල මාපලගම ඇතුමලේ විද්‍යාතිලක පිරිවෙන් විහාරාධිපති මාපලගම ගුණසිරි හිමියන් විහාරස්ථානයේ කුටියක් තුළ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

පොලීසිය පැවසුවේ ඊයේ (30) රාත්‍රීයේදී මෙය සිදු වී ඇති බවය.

මූළික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ පොලු වලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවය.

විහාරාධිපති හිමියන් හා විහාරස්ථානයේ නැවතී සිටි ගිහි පුද්ගයකු අතර පසුගිය දිනෙක ඇති වූ බහින්බස්වීමක් සිදුව ඇති අතර, මෙම ඝාතනයෙන් පසු එම පුද්ගලයා අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.