News

මහනුවර අකුරන සෝදිසි මෙහෙයුමකින් 13ක් අත්අඩංගුවට

මහනුවර අකුරන ප්‍රදේශයේදි යුද හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකින් සැකපිට පුද්ගලයින් 13දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (01) අලුයම 4.00 සිට සිදුකළ මෙම මෙහෙයුමේදී ආයුධ ඇතුළ බඩු බාහිරාදිය රැසක් සොයාගෙන ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.

කඩු 3ක්, අන්තර්ජාලයට ඉකිමනින් පිවිසිය හැකි උපකරණයක්, වාටු රයිෆල් කොටසක්, තවුජිත් ජමාත් සංවිධානයේ ක්‍රියාවන් හා කටයුතු ඇති බවට සදහන් CD විශාල ප්‍රමාණයක් සහ එම සංවිධානයට මුදල් පරිත්‍යාග කළ බවට ලබාදුන් රිසිට් පත් ද ඒ අතර වේ.

ව්‍යාජ ජාතික හැදුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර හමුව තිබේ.