පළාත් කිහිපයකට අද මි.මී.100 පමණ තද වැසි
දිවයිනේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර තද සුළං සහ තද වැසි තත්ත්වයක් තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.
දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත් උතුරු, උතුරුමැද, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි.60 දක්වා තද සුළං බලාපොරොත්තුවේ.
දිවයිනේ සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර, ඌව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.100 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.