යුධ හමුදා ඇදුම්, බෝම්බ පිපිරීමට යොදාගන්නා වයර් හා තවත් උපකරණ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
වවුනියාව,කෝවිල්කුලම ප්රදේශයේදී යුධ හමුදා ඇදුමක්,යුධ හමුදා සපත්තු යුගලක්,බෝම්බ පිපිරීමට යොදාගන්නා වයර් රෝල් කිහිපයක්, පණිවිඩ හුවමාරු යන්ත්රයකට සමාන යන්ත්රයක් ඇතුළු උපකරණ තොගයක් සමඟ පුද්ගලයෙකු අද (02) උදැසන අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.
පොලීසිය පැවසූවේ ලද තොරතුරක් මත වවුනියාව වවුනියාව කෝවිල්කුලම ප්රදේශයේ නිවසක සඟවා තිබු අදාළ උපකරණ සොයාගත් බවයි.
වවුනියාව කෝවිල්කුලම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව මහේස්ත්රාත් අධිකරණයට ඉඳිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය