ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්රික් සංවිධායක ලබන 7 වැනිදා දක්වා රිමාන්ඩ්
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සැකකරු අද (02) කෙසෙල්වත්ත පොලිසිය මගින් කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා ඉදිරියට පමුණුවනු ලැබීය.
මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්රික් සංවිධායක ලෙස කටයුතු කර ඇති බවට විමර්ශනවලදී කරුණු හෙළි වී ඇති බව යි.
සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කළ ඉල්ලීම සැළකිල්ලට ගනිමින් අධිකරණය ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කර තිබේ.