News

කටුගස්තොට මාර්ග බාධකයේදී සුඛෝපභෝගී වාහනයක තිබී ආයුධ තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

කටුගස්තොට මාර්ග බාධකයේදී සුඛෝපභෝගී වාහනයක තිබී ආයුධ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහි තිබී චීනයේ නිෂ්පාදිත ගිනිඅවියක්, වායු පිස්තෝල දෙකක්, වායු රයිෆලයක්, උණ්ඩ 7ක් සහ වායු පිස්තෝල සඳහා භාවිත කරන උණ්ඩ විශාල ප්‍රමාණයක් ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය.

පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.