News

කිනිසි, කඩු, උල් පිහි සහ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් ළඟ ඇත්නම් ළඟම පොලිසියට භාරදෙන ලෙස ඉල්ලයි

කිනිසි, කඩු, උල් පිහි සහ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් නිවෙස්වල ඇත්නම් අද සහ හෙට දිනයේ ළඟම තිබෙන පොලිස් ස්ථානයට භාර දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නීත්‍යානුකූලව හේතුවක් ඉදිරිපත් කළ හැකි පිහි ආදිය සම්බන්ධයෙන් මෙය අදාළ නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.