අයිතිකාරයෙකු නොමතිව කේරල ගංජා කිලෝ 140ක් හමුවෙයි
අයිතිකරුවෙකු නොමැති කේරල ගංජා කිලෝ ග්රෑම් 140 ක් හා ග්රෑම් 800 ක් පලෙයි පොලිස් වසමේ තිබී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
යාපනය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව ඊයේ(05) දහවල් 1ට පමණසිදු කරන ලද සෝදිසි මෙහෙයුමක දී පලෙයි, චුන්ඩිකුලම් ප්රදේශයේ ලඳු කැලෑවක තිබී මෙම ගංජා තොගය සොයා ගෙන ඇති අතර එය පොහොර කවර 5 ක දමා තිබී ඇත.
වැඩිදුර විමර්ශන සඳහා එම කේරල ගංජා තොගය පලෙයි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.