වවුනියාවේ කැළෑවකින් ගුවන් යානා නාශක පතුරම් තොගයක් හමුවෙයි
වවුනියාව, අලගල්ල, අළුත්ගම ප්‍රදේශයේ කැළෑව තුළ තිබි ගුවන් යානා නාශක පතුරම් 85 ක් ඊයේ (06) සවස සොයාගත් බව වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත අදාළ ගුවන් යානා නාශක පතුරම් තොගය සොයාගැනීමට හැකිවු බවයි.
අදාළ ස්ථානයේ තවත් පුපුරණ ද්‍රව්‍ය පවතින්නේද යන්න සොයා පොලිස් පුපුරණ ද්‍රව්‍ය නිරීක්ෂණය කරන නිළ සුනඛයින් යොදා පරීක්ෂා කළ බවද පොලිසිය පැවසීය.
එහෙත් අදාළ ස්ථානයේ වෙනත් පුපුරණ ද්‍රව්‍ය නොතිබු අතර,යුධ සමයේ අදාළ කැළෑව තුළ එල් ටි ටි ක්‍රියාකාරකම් සිදුව ඇති බවද ආරක්ෂක අංශ පැවසූහ.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් නිශ්රකීය කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ඊරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය