News

ඝාතනයකට වරදකරුවන් වූ විත්තිකරුවන් 04 දෙනෙකුට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ විත්තිකරුවන් 04 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද(07) මරණ දඬුවම නියම කර ඇත.

2008 වසරේ දෙසැම්බර් 30 වන දා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 05 දෙනෙකුට එරෙහිව නීතිපතිවයා විසින් අධිචෝදනා ගොනු කර ඇත.

එහිදී එක් විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සෙසු විත්තිකරුවන් 04 දෙනා චෝදනාවන්ට වරදකරුවන් බව නිගමනය කරමින් ඔවුන්ට මරණ දඬුවම නියම කළේය.