තවුහිද් ජමාත් සංවිධානයේ ආරම්භක සමාජිකයෙකු වන ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
තවුහිද් ජමාත් සංවිධානයේ ආරම්භක සමාජිකයෙකු බව කියන මුස්ලිම් ජාතික කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඔහුට අයත් පානදුර ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගි දෙමහල් නිවසක සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ නිවසේ සඟවා තිබූ වායු රයිෆල් උණ්ඩ 591, අතිසුඛෝපභෝගි ජීප් රථයක්, අන්සතු ගුවන් ගමන් බලපත්‍ර දෙකක්, විදේශ රටවලට අයත් මුදල් තොගයක් සහ තවුහිද් ජමාද් සංවිධානයේ සමාජික ගාස්තු ගෙවන ලද රිසිට් පත් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.