වවුනියාවේ නිවසක තිබි හැදුනුම්පත් 15 ක් සොයාගනියි
වවුනියාව,සාලම්බකුලම ප්‍රදේශයේ වසා දමා තිබු නිවසක තිබි හැදුනුම්පත් 15 ක් ඊයේ(07) සොයාගෙන ඇති බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ ප්‍රදේශයේ සිදුකළ සෝදි සි කිරීම්වලදි නිවස පරීක්ෂා කළ අවස්ථාවේ අදාළ හැදුනුම්පත් සොයා ගැනීමට හැකිවු බවයි.
ඉටි කවරයකින් ආවරණය කරන ලද විවිධ නම් සහිතව අදාළ හැදුනුම්පත් පවතින බවද පොලිසිය සදහන් කළේය.
සොයාගත් හැදුනුම්පත් පැවති නිවසේ හිමිකරු සොයා පරීක්ෂණ පවත්වන බවද වවුනියාව පූවරන්කුලම පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය